ඔබ නොමැති ලෝකයම පාලු කතරක් වෙතේ
කුමට ජීවත් වෙම්ද එවන් විට මට සිතේ
ලියා එක පෙම් කවක් රුධිරයෙන් මා ගතේ
මිය යන්න මට හිතයි ඔබ දෑත් යුග මතේ
හදවතේ තත් අතර නෙක රටා වියන්නී
මගේ හිත ආදරෙන් කළඹවා දමන්නී
ඇසි පියෙහි සතපවා හදවතේ රකින්නී
මගේ සිත ළඟ ඉන්න මේ ලොවට උපන්නී