ඉකි බිඳිමි හැම රෑම
දෙනෙත් යුග බොඳ කරයි
ගලා හැලෙන කඳුළු බිඳු
ආදරෙන් පිරුණ සිත
කියම්ද කෙසේ
දුරයි ඔබ දෙව් විමන තෙක්
ආදරේ පිදුවත් මුළු සිතින්
ලන්වුනත් ජීවිතය සේ ආදරෙන්
පින් නැතිද හිමි කරගන්නට
මේ ලෙසින් හැර ගියේ ජීවිතෙන්
දනිමි නම හිදින තැන
දෙව් ලොවට වුවත් කම් නැත
සොයා එමි විගසින්
ආදරය මගේම