Saturday, December 22, 2012

හැර ගියත් සිත ඔබ ලඟයි

සතුටින් බව පෙනෙනමුත්
නැත කිසිම සැනසුමක්
නින්ද නැත රැය පුරා
බැලු බැලු  හැමතැනම ඔබ රුව පමණි
ආදරෙන් ලං වෙලා ඔය උනුහුමේ
උන්නු කාලය මැවී මැවී පෙනේ
දමා යන්න කීම ලං උණේ
සීතලට හමා යන සුළගක් වගේ ලං උනේ ඔබ ....
දමා යන්නද ඒ ලෙසම පැමිණියා වගේ .....


Friday, June 8, 2012

ඔබ නොමැති ලෝකයම පාලු කතරක් වෙතේ

ඔබ නොමැති ලෝකයම පාලු කතරක් වෙතේ
කුමට ජීවත් වෙම්ද එවන් විට මට සිතේ
ලියා එක පෙම් කවක් රුධිරයෙන් මා ගතේ
මිය යන්න මට හිතයි ඔබ දෑත් යුග මතේ

හදවතේ තත් අතර නෙක රටා වියන්නී
මගේ හිත ආදරෙන් කළඹවා දමන්නී
ඇසි පියෙහි සතපවා හදවතේ රකින්නී
මගේ සිත ළඟ ඉන්න මේ ලොවට උපන්නී

Tuesday, May 29, 2012

දෙව් ලොවට වුවත් සොයා එමි ආදරය මගේම ...........

ඉකි බිඳිමි හැම රෑම
දෙනෙත් යුග බොඳ කරයි
ගලා හැලෙන කඳුළු බිඳු
ආදරෙන් පිරුණ සිත
කියම්ද කෙසේ
දුරයි ඔබ දෙව් විමන තෙක්


ආදරේ පිදුවත් මුළු සිතින්
ලන්වුනත් ජීවිතය සේ ආදරෙන්
පින් නැතිද හිමි කරගන්නට
මේ ලෙසින් හැර ගියේ ජීවිතෙන්


දනිමි නම හිදින තැන
දෙව් ලොවට වුවත් කම් නැත
සොයා එමි විගසින්
ආදරය මගේම

මගේ මුල්ම .....

හිතෙන දේවල් ,,,,,,,,,,,,,,,